Auramart Business ගිණුම් හා සබැදි නීති සහ රෙගුලාසි

Business Terms and Condition

INTRODUCTION

Auramart Business ගිණුම සහ Auramart Affiliate යනු Auramart ආයතනය මහින් සපයනු ලබන සේවාවන් දෙකකි. මෙම Business ගිණුමක් ආරම්භ කිරීම මගින්, Auramart හි ඇති Business Tools සහ Affiliate Program එක භාවිතා කිරීමට අවස්ථාව හිමි වේ.

වෙබ් අඩවියේ Business ගිණුමක් නිර්මාණය කිරීම මගින් මෙම නීති හා රෙගුලාසි වලට අනුකූලව කටයුතු කිරීමට ඔබ එකග වූවා සේ සලකන අතර ඔබ වෙබ් අඩවියේ Business ගිණුමක ලියාපදිංචි වූ දින සිට මෙම නීති සහ රෙගුලාසි බලපැවැත්වේ.

මෙම නීති සහ රෙගුලාසි වලට පටහැනිව කටයුතු කරන ඕනෑම අවස්ථාවක, ගිණුමේ හිමිකම තාවකාලිකව හෝ සදාකාලිකව නැති කිරීමට අප ආයතනයට හැකියාව පවතින අතර, එසේ කිර්‍රීමේදි සිදුවන අලාභ සදහා අප ආයතනය මගින් වග කියනු නොලැබේ.

කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ඕනෑම අවස්ථාවක මෙම නියමයන්හි කොන්දේසි වෙනස් කිරීමේ, වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ ඉවත් කිරීමේ අයිතිය Auramart සමාගම සතු වේ. වෙනත් දැනුම් දීමක් නොමැතිව වෙබ් අඩවියේ පළ කළ විට වෙනස්කම් බලාත්මක වේ. යාවත්කාලීන වීම සඳහා කරුණාකර මෙම නියමයන් සහ කොන්දේසි නිතරම පරීක්‍ෂා කරන්න. භාවිත කොන්දේසි හා නියමයන් වෙනස් කිරීම් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඔබ වෙබ් අඩවිය අඛණ්ඩව භාවිතා කිරීම එම වෙනස්කම් ඔබ පිළිගැනීමයි.

Business ගිණුම හා සබැදි නීති සහ රෙගුලාසි පහත පරිදි වේ.

  • සියලුම ගිණුම් ඉල්ලුම් පත් අප ආයතනය මගින් තනි තනිව අධීක්ෂණය කරමින් අවසරය ලබා දෙන අතර ව්‍යාජ තොරුතුරු සහිත ගිණුම් ලියාපදිංචි වීම සදහා අවසර නොලැබේ.
  • එක් පුද්ගලයෙකුට වෙබ් අඩවිය තුල එක් ගිණුමක පමණක් ලියාපදිංචී වී පවත්වාගෙන යා හැකි අතර එක් ගිණුමකට වඩා පවතින අවස්ථාවලදී, එම ගිණුම් සියල්ල සදාකාලිකව අහෝසි කිරීමට ආයතනය මගින් කටයුතු කරනු ලබයි.
  • ලියාපදිංචි වන පුද්ගලයා වයස අවුරුදු 18ට වැඩි විය යුතු අතර තම අනන්‍යතාවය සනාථ කළ හැකි ලියවිල්ලක් (ජාතික හැදුනුම් පත, රියදුරු බලපත්‍රය, විදේශ ගමන් බලපත්‍රය) ඉදිරිපත් කළ යුතුය.
  • ශ්‍රී ලංකාව තුල ස්ථාපිත බැංකුවක ගිණුම් හිමියෙක් විය යුතුය. මෙහිදී ඔබ ඉදිරිපත් කරනු ලබන අනන්‍යතාවය තහවුරු කරන ලියවිල්ලෙ ඇති නමට බැංකු ගිණුම් හිමියාගේ නම සමාන විය යුතුය.
  • ඔබගේ ගිණුම අන්සතු කිරීමට, විකීණීමට හැකියාවක් නැති අතර එවැනි ගිණුම් සදාකාලිකව අහෝසි කරනු ලබයි.

Business ගිණුම අහෝසි වීම.

  • Business ගිණුම අහෝසි වීමෙන් පසුව දමන Orders සදහා Commissions ගෙනු නොලැබේ. ගිණුම අහෝසි වීමකට ලක් වන අවස්ථාවෙදි පවතින Pending Orders සහ Active Orders සදහා කිසිදු හානියක් සිදු නොවේ.
  • Business ගිණුම අහෝසි වීමකට ලක් වන අවස්ථාවෙදි Available Balance හි පවතින Direct Commissions මුදල අදාල මාසයෙ ගෙවනු ලබන දිනට ඔබගේ බැංකු ගිණුමට ලැබෙන අතර Team Commissions නොගෙවනු ලබයි.
  • ආයතනය මගින් ගිණුම අහෝසි කරන ඕනෑම අවස්ථාවක ගිණුම් හිමියාට සිදුවන කිසිදු අලාභයකට හෝ අපහසු තාවයකට ආයතනය වග කියනු නොලැබේ.

Auramart affiliates

Auramart affiliates යනු ආයතනය Auramart මගින් පාලනය කරනු ලබන තවත් එක් සේවාවකි. මෙහිදී වෙබ් අඩවියේ ලැයිස්තු ගත කර ඇති භාණ්ඩ සහ සේවා ප්‍රවර්ධනය කිරීම මගින් මුදල් ඉපයීමට අවස්ථාව හිමි වේ. මෙහිදී ලැයිස්තුගත කර ඇති එක් එක් භාණ්ඩයට හෝ සේවාවට අදාළ Points මත පදනම්ව ගෙවීම් සිදු කරනු ලබයි.

  • ඔබ සිදු කරනු ලබන එක් විකුණුමක් සදහා අදාල Point ප්‍රමාණයෙන් 60% ක් ගෙවනු ලබයි.
  • මෙලෙස ඔබගේ විකුණුම් මගින් ලැබෙන Commission මුදල් වෙබ් අඩවියේ Earnings පිටුවෙන් බලා ගැනීමට හැකියාව ඇත.
  • සෑම මසකම 1 වෙනිදා සිට 31 වෙනිදා දක්වා සාර්ථකව පාරිභෝගිකයාට ලැබී ඇති භාණ්ඩ සදහා අදාල Commission මුදල් පසු මාසයෙ 1 වෙනිදා සිට 7 වනදා අතර දිනයකදී ඔබගෙ බැංකු ගිණුමට බැර කිරීම සිදු කරයි. (වැරදි බැංකු ගිණුම් තොරතුරු ලබා දීම මගින් මෙම ගෙවීම ප්‍රමාද විය හැකිය.)
  • මෙම Auramart Affiliate සේවාව තවත් අයෙකුට හදුන්වා දීමෙන් මුදල් ඉපයීමට ඔබට අවස්ථාව ඇත.
  • මෙහිදී ඔබගෙ Referral Link එක මගින් ඔබ විසින් ලියාපදිංචි කරනු ලබන පුද්ගලයා කරනු ලබන එක් විකුණුමකදි අදාළ Points ප්‍රමාණයෙන් 35% ඔබට ගෙවනු ලබයි.
  • මෙම මුදල ඔබගේ Earnings පිටුවෙහි Team Commissions යටතේ බලා ගත හැක.
  • මෙම Team Commission ඔබට ලබා ගැනීමට නම් ඔබ එම මාසය තුල Direct Sales අවමය 1 හෝ ඊට වැඩිය සිදු කළ යුතුය.
  • මෙහිදී නිශ්පාදන වල මිල තීරණය කිරීම සහ ලබා දෙනු ලබන Points ප්‍රමාණය තීරණය කිරීම සහ යාවත්කාලීන කිරීම Auramart ආයතනය මගින් පාලනය කරනු ලබයි.
  • මෙලෙස වෙබ් අඩවියෙ ලැයිස්තු ගත කර ඇති භාණ්ඩ සදහා ලබා දෙනු ලබන Commission ප්‍රමාණය නිෂ්පාදකයාගෙ මිල සමග අපට ලබා දිය හැකි උපරිම මිලයි. මෙම Points / Commission ප්‍රමාණය නිශ්පාදකයාගෙ මිල මත පදනම්ව වෙනස් විය හැකිය.
  • අදාල භාණ්ඩය විකිණීමෙන් ඔබට ලැබෙන Commission ප්‍රමාණය අඩු යැයි ඔබට හැගෙන්නෙ නම්, එම භාණ්ඩ විකීණීම හෝ විකිණීමෙන් වැළකි සිටීම ඔබ තීරණය කළ යුතුය.

වෙබ් අඩවිය සමග ගිණුමකින් ලියාපදිංචි වීම, නිශ්පාදන ප්‍රවර්දනය කිරීම හා සබැදි සියලුම කටයුතු ඔබගෙ මනාපය මත පමණක් සිදු වන බව ඔබ පිළිගන්නා අතර, අපගේ මිල ගනන්, Commission Rates, වෙබ් අඩවිය හා සබැදි නීති රෙගුලාසි, Whatsapp Group හා සබැදි නීති රෙගුලාසි පිළිගැනීමට ඔබ අකමැති වන ඕනෑම අවස්ථාවක ඔබගෙ ගිණුම සහ ගිණුමෙහි දත්ත සදාකාලිකව මකා දමා ගිණුම වසා දැමීමට ඔබටම හැකියාව ඇත.

Trade Mark & Licence

  • නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේදී අපගේ වෙළද ලාංචනය භාවිතා නොකල යුතුය.
  • එහෙත් ඔබ Product Affiliate Link එක ප්‍රවර්ධනය කරන අවස්ථා වලදි පමණක් අපගේ වෙළද ලාංචනය භාවිතා කිර්‍රීමට අහෝසි කළ නොහැකි බලපත්‍රයක් මෙමගින් හිමි වේ.
  • Business ගිණුමෙහි ලියාපදිංචිව සිටින අය සදහා වෙබ් අඩවියේ ඇති Product Images Download කිරීමටත්, Description Download කිරීමටත්, පොස්ට් නිර්මාණය කිරීම සදහා භාවිතා කිරීමටත් අවලංගු කල නොහැකි බලපත්‍රයක් මෙමගින් හිමි වේ.
  • එහෙත් අපගෙ වෙබ් අඩවියේ ලැයිස්තු ගත කර ඇති නිශ්පාදනයන්හී Product Images, Descriptions, අපගේ වෙළද ලාංචනය, වෙනත් මිල ගනන් යටතෙ විකිණීමට මෙම බලපත්‍රය මගින් අවසර ලබා දෙන්නෙ නැත. එවැනි දැ සිදු කිරන අවස්ථා වලදී ඊට අදාල නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අප ආයතනය කටයුතු කරනු ලබයි.