Terms & Conditions for Whats App Communities.

Whats App Terms and Condition

Auramart ආයතනයේ Business ගිණුමකට ලියාපදිංචි වන සියලුම දෙනාට ආයතනය මගින් මෙහෙය වන Whats app Group & Telegram Group සදහා සම්බන්ධ වීමට අවස්ථාව ඇත. මූලිකවම මෙම සමූහයන්ගෙ අරමුණ වන්නෙ වෙබ් අඩවියෙ ගිණුම් ඇති සාමාජිකයන් වෙත ආයතනයේ නිල නිවේදන ලබා දීම, සාමජිකයින් එකිනෙකා අතර ව්‍යාපරික තොරතුරු හුවමාරු කරගැනීම අවස්ථාව සැලසීම, එදිනෙදා වැඩ කටයුතු වලදි මතුවන ගැටලු සදහා අනෙක් සාමජියන්ගෙන්ම උදව් ලබා ගැනීම මෙන්ම එකිනෙකා අතර සහයෝගිතාවය වැඩි දියුණු කිරීමයි.

මෙය Auramart හි Business ගිණුම හා සබැදි අමතර සේවාවක් වන අතර, අනිවාර්‍යය අංගයක් නොවේ. එහෙත් කෙසේ හෝ ඔබ අපගෙ සමූහයන්හී සාමජිකයෙකු වීමෙන් ඔබ මෙම නීති සහ රෙගුලාසි පිළිගන්නා බව සංකේතවත් කරනු ලබන අතර, එසේ ඔබ සම්බන්ධ වන දිනයේ සිට මෙම නීති සහ රෙගුලාසි බල පැවැත්වේ.

කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ඕනෑම අවස්ථාවක මෙම නියමයන්හි කොන්දේසි වෙනස් කිරීමේ, වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ ඉවත් කිරීමේ අයිතිය Auramart සමාගම සතු වේ. වෙනත් දැනුම් දීමක් නොමැතිව වෙබ් අඩවියේ පළ කළ විට වෙනස්කම් බලාත්මක වේ. යාවත්කාලීන වීම සඳහා කරුණාකර මෙම නියමයන් සහ කොන්දේසි නිතරම පරීක්‍ෂා කරන්න. භාවිත කොන්දේසි හා නියමයන් වෙනස් කිරීම් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඔබ සමූහයන් අඛණ්ඩව භාවිතා කිරීම එම වෙනස්කම් ඔබ පිළිගැනීමයි.

Whats App Group භාවිතා කිරීමේදි ඔබ නොකළ යුතු වන දෑ.

  • සමූහයන්හි සහයෝගිතාවය බිද වැටෙනා ආකාරයට හැසිරීම.
  • ආයතනයට අදාල නොවන දෑ සමූහයන් තුල පල කිරීම.
  • සාමජිකයන්ගෙ පෞද්ගලිකත්වයට හානි වන අන්දමින් හැසිරීම.
  • සමූහයේ සිටින සාමජිකයන් හට පුද්ගලික පණිවිඩ යවමින් කරදර හිරිහැර කිරීම සහ අපහසුතාවයට පත් කිරීම.
  • සමූහය තුල ආයතනයට අදාල නොවන වෙනත් ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම.
  • අසභ්‍ය වචන හෝ විවේචනාත්මක වචන භාවිතය.
  • Sexual Contents, Drugs, ත්‍රස්තවාදය, දේශපාලනික, ආගම් වාදි හෝ ජාති වාදි ප්‍රකාශ අඩංගු දෑ පල කිරීම.
  • ව්‍යාපරයට අදාල නොවන පුද්ගලික කාරණා කතා කිරීම, අන් අයව විවේචනය කිරීම හෝ අනෙක් සාමාජිකයින් අපහසුතාවයට පත් වන ආකාරයට හැසිරීම.

මෙම සමූහයන් දැණුම සහ තොරතුරු හුවමාරු කිරීම සදහා පමණක් වන අතර ආයතනය හා සම්බන්ධ ගැටලු සාකච්චා කිරීමට මෙම සමූහ භාවිතා නොකළ යුතු අතර, එවැනි ගැටලු පිළිබද දැනුම්දීම අපි අගය කරන බැවින් එවැනි දැ සාකච්චා කිරීමට ආයතනයේ කාර්‍යය මංඩල සාමජිකයකු දුරකතන ඇමතුමක් මගින් සම්බන්ධ කර ගැනීමට ඔබට අවස්ථාව ඇත.

සමූහයන්ගේ සිටින ආයතනයේ කාර්‍යය මංඩල සාමාජිකයින් සමග ගැටලු ඇති කර නොගැනීම, විවේචනය කිරීම, විවාද කිරීම නොකළ යුතු අතර ඔවුන්ගේ තීරණ වලට ගරු කරමින් සමූහය පවත්වාගෙන යාමට සහය වීය යුතුය.

සමූහයන්හී ආයතන කාර්‍යය මංඩල සාමාජිකයින්ගෙන් පසුව, සමූහයන්හි සිදුවන ක්‍රියාවන් සදහා සහය වීමට මෙන්ම සමූහයන් ආරක්ෂාකාරිව පවත්වා ගැනීමට සමූහයන්ගෙ Admin වරුන් කටයුතු කරනු ලබයි. ඔවුන්ගේ තීරණ වලට ගරු කරමින් සමුහය පවත්වා ගෙන යාමට ඔබ සහය විය යුතුයි.

මෙම සමූහයන්හී Admin වරුන් පත් කිරීම හෝ ඉවත් කිරීම ආයතනයේ අධ්‍යක්ෂක මංඩලයේ ඒකමතික තීරණයෙන් ආයතනය මගින් පාලනය කරනු ලබන අතර එම තීරණ ගැනීම් සදහා බලපෑම් ඇති කිරීමට සමූහයේ සාමාජිකයින් වන ඔබට කිසිදු හැකියාවක් නොපවතින බව ඔබ දන්නා බවත් ආයතනයෙ අධ්‍යක්ෂක මංඩලය ලබා ගන්නා මෙවැනි තීරණ පිළිබද විවේචනය කිරීමට ඔබට හැකියාවක් නොපවතින බවත් ඔබ පිළිගනී.

ඉහත සදහන් නීති සහ රෙගුලාසි කඩ කිරීම ඔබව කිසිදු දැනුම් දීමකින් තොරව සමූහයන්ගෙන් ඉවත් කිරීමට හෝ තාවක්කලිකව Auramart Business ගිණුම අත්හිටුවීමට හේතුවිය හැකි අතර. සමූහයෙ සාමජිකයින්ගේ ආරක්ෂාව සහ සැමට සුව පහසු වටපිටාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙම නීති රීති කඩ කරන්නන් හට කිසිදු තාරාතෙරමකින් තොරව අදාළ ක්‍රීයාමාර්ග ගැනීමට අප ආයතනය කිසි විටෙකත් පසුබට නොවන බව කරුණාවෙන් සලකන්න.

ඔබ මෙම සමූහයන්හී සාමාජිකයෙකු ලෙස සිටින්නෙ නම් මෙම නීති හා රෙගුලාසි සදහා ඔබ එක්ග විය යුතු අතර, මෙම නීති ‍රෙගුලාසි පිළි ගැනීමට අකමැති ඕනෑම අයෙකුට ඕනෑම වේලාවක සමූහයන්ගෙ ඉවත් වීමට අවස්ථාව පවතී. (ඔබ ලබා ගන්නා මෙවැනි තීරණ පිළිබදව ආයතනය දැනුවත් කිරීම අවශ්‍ය නොවේ)